බ්‍රිතාන්‍ය - යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සැරසේ

නොවැ 25, 2018

    බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියට සහයෝගය දක්වන්නැයි අගමැති තෙරේසා මේ බ්‍රිතාන්‍යය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. බ්‍රිතාන්‍ය ජනතාව වෙත ලිපියක් යොමු කරමිනුයි ඇය මේ බව කියා සිටියේ.


    තෙරේසා මේ තම ලිපියේ සඳහන් කර සිටියේ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යනු එරටට දීප්තිමත් අනාගතයක් උදාවීමක් බවයි. තෙරේසා මේ මහත්මියගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට වාසි රැසක් ලැබෙන බවයි.

    කෙසේ වෙතත්, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ තීරණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය අදාළ ගිවිසුමට එළඹීමෙන් පසු ලබන වසරේ මාර්තු 29 වැනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇති.

    බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළ ලේඛන යුරෝපා සංගමය විසින් නුදුරේදී අත්සන් කිරීමට නියමිතයි. බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවැත්වෙන සමුළුවකදී මෙම ගිවිසුම අත්සන් කෙරෙනු ඇති. යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක් මෙම ගිවිසුමට අත්සන් කරන ලෙස සියලු රටවල්වලින් ඉල්ලා සිටියා.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News