බස් රථ අනතුරකින් 25ක් මරුට

නොවැ 24, 2018

    දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මන්ද්‍රා ප්‍රදේශයේ ඇළකට බස් රථයක් පෙරලීමෙන් 25 දෙනෙකු මිය ගොස් තිබේ.

    ඒ අතර, කුඩා ළමුන් 5 දෙනෙකු ද වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බස් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඇළට පෙරලී තිබේ.

     කර්නාටක ප්‍රාන්ත රජය මැදිහත්වීමෙන් විපතට පත්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළයා හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 19:50

    Latest News