පකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරවලින් 32ක් මරුට

නොවැ 23, 2018

    පකිස්තානයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර දෙකකින් තිස් දෙදෙනෙකු ජිවිත්‍ෂයට පත්වූහ.

    එක් ප්‍රහාරයක් එල්ල වූයේ චීන කොන්සල් ජනරාල් කාර්යාලයටයි. තුවක්කුකරුවන් තිදෙනෙකු චීන කොන්සල් කාර්යාලයට කඩා වැදී ඇත්තේ අද උදේ 9.30ට පමණ. ඔවුන්ගේ ප්‍රහාරවලින් සිව් දෙනෙකු මරණයට පත්වූහ.

    ඉන් දෙදෙනෙකු පොලිස් භටයන්. කෙසේ වුවද තුවක්කුකරුවන් චීන කොන්සල් කාර්යාලයට ඇතුලුවීමට පෙර වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට හැකිවී තිබේ. චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

    බලුකිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. ඔවුන් පකිස්තානයේ චීන ආධාර යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට විරෝධය දක්වා තිබේ. මේ අතර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් ප්‍රහාරයකින් ඔරාක්සායි දිස්ත්‍රික්කයේ කුඩා නගරයක 25 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වූහ. ප්‍රහාරය එල්ල වූයේ ජනාකීර්ණ වෙළෙඳ පොළකටයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News