දශක දෙකකින් පහළ යන චීන ජනගහනය

නොවැ 23, 2018

    චීනයේ බෙයිජිං නුවර ජනගහනය දශක දෙකකින් පසු ප්‍රථම වතාවාට පහත වැටී තිබේ.

    චීන රජයේ නිල දත්ත උපුටා දක්වමින් ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ, පසුගිය 2017 වසරේ බෙයිජිං නුවර ජනගහනය මිලියන 21යි, දශම 7ක් වූ බවයි. මේ අනූව, ජනගහනය මින් පෙර වසරවලට සාපේක්ෂව 22,000ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ. චීන මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ, 2016 සහ 2017 වසරවල දී බෙයිජිං නුවර ජනගහනය 3%කින් පහත වැටී ඇති බවයි.

    වාහන තදබදය, සම්පත් හිඟය හා නිවාස මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බෙයිජිං නුවර ජනගහනය පාලනය කිරීමට චීන රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. මේ වන විට චීනයේ සමස්ත වැඩිහිටි ජනගහනය මිලියන 240ක් පමණ වන අතර, 2035 වන විට එය මිලියන 400 ඉක්මවනු ඇතැයි, විශ්වාස කෙරේ. ලොව ජනාකීර්ණම රාජ්‍යය වන චීනයේ මේ වන විට ජනගහනය එකසිය තිස් අට කෝටි හැට ලක්ෂයක් පමණ වෙයි.

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 16:05

    Latest News