උ.ද-කොරියා අතර යුද මුක්ත කලාපය ඔස්සේ මාර්ගයක්

නොවැ 22, 2018

    වසර 14කට පසු උතුරු හා දකුණු කොරියා අතර යුද මුක්ත කලාපය ඔස්සේ මාර්ගයක් ස්ථාපනය කර තිබේ.

    එය විවෘත කෙරුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර ඇති වූ එකඟතාවට අනුවයි.

    මීටර් 12ක පළලින් යුත් මාර්ගය, ප්‍රධාන වශයෙන් භාවිත කරනුයේ 1953 කොරියානු යුද්ධයේ දී මියගිය සෙබළුන්ගේ කොටස් සොයා ගැනීම සඳහා ලබන වසරේ සිදු කෙරෙන මෙහෙයුම සඳහායි.

    දෙරටේ නායකයින් අතර, ගොඩනැඟුණු සුහදත්වය මත දේශසීමාවේ ඉදි කෙරුණු මුරකුටි 11ක් ඉවත් කෙරිණ. ප්‍රදේශයේ වළ දමා ඇති බිම්බෝම්බ සහ ගිනි අවි ඉවත් කිරීම ද මේ වනවිට සිදුවේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News