රටවල් 14ක යානා 100ක් - පුහුණුවකට සැරසෙයි

නොවැ 22, 2018

    රටවල් 14ක ගුවන් හමුදාවන් ඉදිරි දින කිහිපය තුළ දී යුද අභ්‍යාසයක නිරතවීමට සූදානම් වෙයි.

    ඒ, උතුරුදිග බ්‍රසීලයේ දී. මෙම ගුවන් අභ්‍යාසය සඳහා ගුවන් යානා සියයක් පමණ ඇතුළත් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මේ සඳහා අමෙරිකානු එෆ් - 16 ගුවන් යානා ද සහභාගී වනු ඇති. ඊට අමෙරිකාව, බ්‍රසීලය, කැනඩාව, චිලී, ප්‍රංශය, පේරු සහ උරුගුවේ රාජ්‍යය ද ඇතුළත් වෙයි.

    ගුවන් යානා ඊයේ දිනයේ අභ්‍යාසයේ පෙර පුහුණුවක නිරත විය. කලාපයේ සාමය ආරක්ෂා කිරීම මෙහෙයුම්වල දී නිසි ආකාරව ක්‍රියාත්මක වීම සහ ස්වභාවික උපද්‍රවවල දී මානුෂීය ආධාර ලබාදීම මෙම පුහුණුවේ අරමුණු අතර වෙයි.

    Latest News