මිනිසෙක් තරම් රොබෝවෙක් රුසියාවෙන් අහසට

අගෝ 23, 2019

    මිනිසාගේ විශාලත්වයේන යුත් රොබෝවරයෙකු රුසියාව අභ්‍යවකාශයට යවා තිබේ.

    රුසියාව විසින් රොබෝවරයෙකු අභ්‍යවකාශයට යැවූ පළමු අවස්ථාව මෙයයි. කසස්තානයේ බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොබෝවරයා රැගත් රොකට්ටුව ඊයේ අභ්‍යවකාශ ගත කෙරිණ. ෆෙඩර් නමින් රොබෝවරයා නම්කර තිබේ. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ගමන් ගන්නා සෝයුස් රෝකට් යානයේ ගමන් ගන්නා එකම මගියා වන්නේ රෝබෝවරයායි.

    නව හදිසි ගලවා ගැනීමේ පද්ධතිය අත්හදා බැලීමේ අරමුණෙන් මෙම මෙහෙයුම දියත් කර තිබේ. දින 10ක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම අතරතුර දී ෆෙඩර් නමැති රොබෝවරයා විද්‍යුත් උපාංග සම්බන්ධීකරණය හා විසන්ධිකරණය ඇතුළු නව කුසලතා අත්හදා බලනු ඇති. මේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවූ පළමු රොබෝවරයා ෆෙඩර් නොවේ. 2011 වසරේ දී අමෙරිකාව ද අභ්‍යවකාශයට රොබෝවරයෙකු යවනු ලැබීය. ජපානය ද 2013 වසරේ දී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රොබෝවරයෙකු යවා තිබේ.

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 16:03

    Latest News