ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් ඔස්ට්‍රේලියාවෙන්

අගෝ 23, 2019

    ලොව දීර්ඝතම සෘජු ගුවන් සේවය ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ කොන්ටාස් ගුවන් සමාගම සූදානම් වෙයි.

    පැය 19ක දීර්ඝ ගුවන් ගමනක අත්හදා බැලීම් සිදු කිරීමටයි, එම ගුවන් සමාගම සූදානම් වන්නේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හා අමෙරිකාවේ නිව්යෝක් දක්වා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටයි, කොන්ටාස් ගුවන් සමාගම සූදානම් වන්නේ. පැය 19ක දීර්ඝ ගුවන් ගමනක් මගීන් හා කාර්ය මණ්ඩලයට විඳදරා ගැනීමට හැකිදැයි බැලීම පරීක්ෂණ අත්හදා බැලීමේ අරමුණයි. මෙම වසර අග දී පුහුණු අත්හදා බැලීම සිදු කිරීමට නියමිතයි.

    ඒ සඳහා මගීන් 40 දෙනෙකු පමණ සහභාගීකර ගැනීමට අපේක්ෂා කරන බවයි, ගුවන් සමාගම කියා සිටින්නේ. පර්යේෂණ අත්හදා බැලීම සඳහා භාවිතා කිරීමට නියමිත වන්නේ බෝයිං 787 හා 789 වර්ගයේ ගුවන් යානායි.

     

     

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 12:07

    Latest News