මිතුඳමට හානියක් නැහැ

නොවැ 21, 2018

    තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීමේ සිදුවීම පදනම් කර ගනිමින් සෞදි අරාබිය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්නොහරින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    සෞදි අරාබිය, අමෙරිකාවේ ස්ථාවර සගයෙක් වන අතර වාර්තාගත මුදලක් ආයෝජනය කරන රාජ්‍යයක් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එවැනි වාතාවරණයක් තුළ තම මිත්‍රත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි, වාර්තා වන්නේ.

    කෙසේ වෙතත්, කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හොඳින් දැන සිටියත්, එම කිසිවක් දෙරටේ මිත්‍රත්වයට බාධාවක් නොවන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා තරයේ කියා සිටී. කෙසේ වෙතත් පසගිය දිනක අමෙරිකානු බුද්ධි අංශ සඳහන් කළේ කෂෝගි ඝාතනයට ඔටුන්න හිමි කුමරු සෘජුවම සම්බන්ධ බවයි. එම ප්‍රකාශයෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ සීඅයිඒ ආයතනය එම තීන්දුව සියයට සියයක් ස්ථීරවම ප්‍රකාශ නොකළ බවයි. එසේම කෂෝගි ඝාතනය පිළිබඳ ඉදිරිපත් වූ ප්‍රබලම සාක්ෂියක් වන හඩ පටයට සවන්දීම ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබුණි.

    Latest News