50කට මරු කැදවමින් කාබුල්හි පිපිරීමක්

නොවැ 21, 2018

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

    පූජක පිරිසක් රැස්ව සිටි ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එසේම පිපිරීමෙන් පුද්ගලයින් 80කට වැඩි සංඛ්‍යාවක් තුවල ලබා තිබේ. ඊයේ දිනයට යෙදී තිබූ නබි නායකතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති ආගමික සැමරුමක් සදහා මෙම පිරිස කාබුල් නගරය වෙත රැස්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැහැ.

    අදාළ බෝම්බ පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 1000කට පමණ පිරිසක් සිටින්නට ඇති බවට විශ්වාස කෙරේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ආසන්නතම මාස කිහිපය තුළ කාබුල් නුවර සිදුවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකේ.

     

    Latest News