සිවිල් අයිතිවාසිකම් පෙත්සම විභාගයට

නොවැ 20, 2018

    නීති විරෝධි සංක්‍රමනිකයන්ට දේශපාලන රැකවරණ ලබා නොදීමට ජනාධිපති ට්‍රම්ප් පැනවූ ආඥාව, අමෙරිකානු ෆෙඩරල් අධිකරණය අත්හිටුවා තිබෙනවා.

    සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගනිමින් සැන් ෆ්‍රැන්සිස්කෝ අධිකරණය මේ තාවකාලික තහනම් නියෝගය පැනවුවා. ජනාධිපති ට්‍රම්ප් සංක්‍රමණිකයන්ට රැකවරණ ලබාදීමේ පහසුකම නවතාලීමේ ආඥාව නිකුත් කලේ දකුණු අමෙරිකානු සංක්‍රමණිකයන් දහස් ගණනක් අමෙරිකාවට පැමිණෙමින් සිටින අවස්ථාවකයි.

    ග්වාතමාලා, එල් සැල්වදෝර් හා හොන්ඩියුරාස් යන රටවල වැසියන් දෙදහසක් පමණ පා ගමනින් අමෙරිකානු දකුණු දේශසීමාව වෙත මෙක්සිකෝව ඔස්සේ පැමිණෙමින් සිටිනවා. ජනාධිපති ට්‍රම්ප් සලකන්නේ, මෙය ආක්‍රමණයක් ලෙසයි. සංක්‍රමණිකයන් අමෙරිකාවට පිවිසීම වළක්වන ලෙසට ට්‍රම්ප් හමුදාවට අණකර තිබෙනවා.

    රැකවරණ නොදීමේ ආඥාව නිකුත් කළේ හමුදා ක්‍රියා මාර්ගයට පහසුකම් සැපයීමක් ලෙසයි. එහෙත්, මානව හිමිකම් සංවිධාන ජනාධිපතිවරයාගේ ක්‍රියා මාර්ගය විවේචනයට ලක් කරනවා. දෙසැම්බර් මාසයේ නඩු විභාගය පැවැත්වෙන තෙක් ජනාධිපතිවරයාගේ ආඥාව බලාත්මක වන්නේ නැහැ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 20 නොවැම්බර් 2018 20:29

    Latest News