ඉන්දියාවේ මියගිය ගණන 150ක් වෙයි

අගෝ 12, 2019

    එක්ලක්ෂ හැටපන් දහසකට අධික පිරිසක් මෝසම් වැසි හේතුවෙන් තම නිවෙස්වලින් බැහැරට දකුණුදිග කේරළ ප්‍රාන්තයේ සහන කඳවුරු 1318ක රැඳී සිටියි.

    අධික වැසි හේතුවෙන් මුළුමනින්ම විනාශයට පත් නිවාස සංඛ්‍යාව 200කට අධිකයි. අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයේ ද සහන කඳවුරු 924ක් සඳහා තිස් දහසකට අධික පිරිසක් යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

    ජාතික ආපදා ප්‍රතිචාර බලකාය, යුද හමුදාව, වෙරළාරක්ෂක බලකාය, නාවික හමුදාව හා යුද හමුදාව ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් 44ක් සහන මෙහෙයුම් සඳහා දායකත්වය දැක්වීය. මෝසම් වැසි සමය සැප්තැම්බර් මස දක්වා දීර්ඝවීමත් සමග බලපෑමට ලක්වුවන් තවදුරටත් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 08:35

    Latest News