ජනපති මුර්සි නඩුවක් අතර මරුට

ජූනි 18, 2019

    ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සි නඩු විභාගයක් අතරතුර මියගොස් තිබේ.

    හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහු මියගිය බවයි, ඊජිප්තු බලධාරීන් සඳහන් කරන්නේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 67ක්. මොහොමඩ් මුර්සි බලයට පත්වූණේ 2012 වසරේදී. ඒ ඊජිප්තුවේ ප්‍රාතන්ත්‍රිතකව බලයට පත්වූ පළමු ජනාධිපතිවරයා වශයෙන්. ඔහු 2013 වසරේ බලයෙන් පහ කරනු ලැබිණ.

    එතැන් පටන් ඔහු අත්අඩංගුවේ පසුවෙයි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඔහු නායකත්වය දැරූ මුස්ලිම් සහෝදරත්ව පක්ෂය සඳහන් කරන්නේ, එය පැහැදිලි මනුෂ්‍ය ඝාතනයක් බවයි. ක්‍රියාකාරිකයින් හා හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ අය චෝදනා කරන්නේ රජය විසින් ඔහුට තිබූ රෝගාබාධවලට නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවයි. එසේම, දිනකට පැය 23ක කාලයක් ඔහුව හුදකළා කුටියක සිරකර තැබූ බවත්, ඔහුගේ පවුලේ අය චෝදනා කරයි.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 07:53

    Latest News