'බෝයිං මැක්ස්' මෘදුකාංග පද්ධතිය අලුත්වෙයි

මැයි 17, 2019

    බෝයිං 737 මැක්ස් ගුවන් යානාවල මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කිරීම අවසන් කර ඇති බව, අමෙරිකාවේ බෝයිං සමාගම පවසයි.

    පසුගියදා සිදුවූ ගුවන් අනතුරු හේතුවෙන් එම යානාවල ආරක්ෂාව පිළිබඳව මතුවූයේ දැඩි අර්බුදකාරී තත්වයක්. අමෙරිකාවේ බෝයිං සමාගම ඊයේ නිවේදනය කළේ නව මෘදුකාංග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව, 737 මැක්ස් ගුවන් යානා පරික්ෂණ අත්හදා බැලීම් සිදුකළ බවයි. අමෙරිකාවේ ෆෙඩරල් ගුවන් පරිපාලනයට අදාළ දත්ත ලබාදෙන බව ද එම සමාගම කියා සිටියි. ෆෙඩරල් ගුවන් පරිපාලනය ගුවන් යානා සම්බන්ධයෙන් අමතර තොරතුරු ඉල්ලා සිටියේ, ගුවන් නියමුවන් පාලක මැදිරිය සමග අන්තර් ක්‍රියා සිදු කිරීම පිළිබඳ විමර්ශනයටයි.

    ඒවා විමර්ශනය කිරීමෙන් අනතුරුව බෝයිං මැක්ස් ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකය නිකුත් කිරීමට අපෙක්ෂා කෙරෙන්නේ එළැඹෙන සතියේදී. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 737 මැක්ස් ගුවන් යානයක් අනතුරට පත්වීමත් සමග එම වර්ගයට අයත් සියලු ගුවන් යානා භාවිතයෙන් ඉවත් කරනු ලැබීය. අනතුරින් පුද්ගලයන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ලයන් එයාර් සේවයට අයත් මෙම යානයක් අනතුරට පත්වීමෙන් ද පුද්ගලයෝ 189 දෙනෙකු මිය ගියහ.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 09:22

    Latest News