අමෙරිකාවේ තීරණාත්මක ජනාධිපතිවරණය

නොවැ 05, 2024
    අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද ආරම්භ වනවා.
    එරට වේලාවෙන් අද පෙරවරු 7.00 ට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. එය මෙරට වේලාවෙන් පස්වරු 5.00 පමණ වනවා.
    අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන අයයි.
    ඔවුන් දෙදෙනා තමන්ට වැඩි වාසියක් නැති පාවෙන ඡන්ද බහුතරයක් සහිත ප්‍රාන්ත කෙරෙහි අවදානය යොමු කර තිබෙනවා.
    මේ අනුව, කමලා හැරිස් පෙන්සෙල්වේනියා ප්‍රාන්තයටත්, ඩොනල්ඩ් ට්‍රම්ප්, නෝත් කැරොලිනා සහ මිචිගන් ප්‍රාන්ත වෙතත් දැඩි අවදානය යොමු කර තිබෙනවා.
    අමෙරිකානු ජනාධිපතිවරණය වසර 4 කට වරක් පැවැත්වෙනවා.
    එරට ප්‍රාන්ත 52 ක් පවතින අතර, එක් එක් ප්‍රාන්තවලට ආවේණික මැතිවරණ නීති ක්‍රියාත්මකයි.
    ඡන්දය සඳහා අමෙරිකා වැසියන්ට නිවාඩු දිනයක් නොවන බැවින් ප්‍රාන්ත මට්ටමින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ති‍බුණා.
    මේ වනවිට මිලියන 81 කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙවර ජනාධිපතිවරණයේ තේරීපත් වන නව අමෙරිකා ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය ජනවාරි මස දිවුරුම් දීමට නියමිතයි.

    Latest News