ස්පාඤ්ඤයට ආ දිය රකුසා මරණ ගොඩ ගසයි

නොවැ 01, 2024

    ස්පාඤ්ඤයේ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පිරිස 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයයි.
     
    ස්පාඤ්ඤයට සාමාන්‍යයෙන් වසරකදී ලැබෙන වර්ෂාපතනය මෙවර පැය 8ක් වැනි කෙටි කාලයක් තුළ එම ප්‍රදේශයට ඇදහැලී ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙනවා.
     
    මේ හේතුවෙන් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව අධි අවදානම් ගංවතුර තත්වයකට ක්ෂණිකව මුහුණපෑමට සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
     
    ආපදාවට පත්වූවන් මුදා ගැනීම හා අතුරුදන්වූවන් සෙවීමේ සහන මෙහෙයුම් සඳහා සේවකයින් 1200 දෙනෙක් පමණ යොදවනු ලැබ සිටිනවා.
     
    අගමැති “පෙඩ්රෝ සැන්චේස්” මියගිය පුද්ගලයන් සිහි කිරීම වෙනුවෙන් ඊයේ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා.
     
    මෙම ගංවතුර අවදානම සම්බන්ධයෙන් බලධාරීන් විසින් ජනතාව පූර්ව දැනුවත් කිරීමක් සිදුනොකළ බවටත් වර්ෂාව සමග ගංවතුර හට ගැනීමෙන් පසු දැනුවත් කිරීම් සිදුකළ බවටත් චෝදනා එල්ල වනවා. 

    Latest News