ස්පාඤ්ඤය දශක කිහිපයකට පසු දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී සිටිනවා.
දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ගිනිකොණ දිග ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයට ගංවතුරින් දැඩි හානි සිදුව තිබෙනවා.
වර්ෂාවත් සමග හදිසියේ ඇති වු ගංවතුරින් පාලම්, ගොඩනැගිලි රුසක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගංවතුරට පසුව බොහෝ පිරිසක් දිවි බේරාගැනීමට දැඩි වෙහෙසක් දැරූ බව සඳහන් වනවා.
අධික වර්ෂාව සහ ගංවතුරත් සමග“ලෙතූර්” ප්‍රදේශයට හිම කැට වර්ෂාවක්ද පතිත වී තිබෙනවා.
එරට, ආපදා අංශ සහ හමුදා ඒකක විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.