“ට්‍රාමි” පිලිපීනයේ 136 ක් බිලි ගනී

ඔක් 28, 2024
    පිලිපීනයට බලපෑ “ට්‍රාමි” සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට පුද්ගලයින් 136 දෙනෙකු මියගොස් තිබෙනවා.
    තවත් බොහෝ පිරිසක් අතුරුදන් වුණා. ගංවතුර සහ නායයාම් හේතුවෙන්, ලක්‍ෂ 5 කට වාසස්ථාන අහිමි වී තිබෙනවා.
    ඉකුත් ඔක්තෝබර් 24 වැනිදින පිලිපීනයට කඩාවැදුණු “ට්‍රාමි” සුළි කුණාටුව, මේ වසරේ අග්නිදිග ආසියාතික රටකට බලපෑ මරාන්තිකම සුළි කුණාටු තත්වය ලෙසයි වාර්තා වන්නේ.
    එරට ජාතික ආපදා ඒජන්සිය වාර්තා කරන්නේ, බොහෝ ගම්මාන මුළුමනින්ම ජලයෙන් යට වී ඇති අතර හානියට පත් නිවාස සහ දේපල හි වටිනාකම තවදුරටත් තක්සේරු කොට නොමැති බවයි.
    ඔවුන් ප්‍රකාශ කරන්නේ, පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.
    අනතුරට පත්වූවන් මුදාගැනීම සඳහා එරට ගුවන් හමුදාව සහ ආරක්‍ෂක ඒකක තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටිනවා.

    Latest News