දවසින් දවස උණුසුම් වන යුද්ධය

ඔක් 07, 2024
    ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක රැසකට ඊයේ රාත්‍රී ගුවන් ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

    ලෙබනනයේ බේරූට් අගනුවරට සහ වෙනත් නගරවලට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයට අයත් ආයුධ ගබඩා විනාශ කිරීමයි.

    ප්‍රහාරවලින්, විශාල ප්‍රදේශයක ‍ගොඩනැගිලි, සුන්බුන් බවට පත්ව තිබෙනවා.
    මේ අතර, ලෙබනනයේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් රැගත් අවසන් ගුවන් යානය ද එංගලන්තයේ බර්මින්හැම් ගුවන් තොටුපොළට ඊයේ ළඟා වුණා.
    ඉරානය, පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් අවලංගු කළ ද ඉරානයේ ටෙහෙරාන් ‍ගුවන්තොටුපොළ ඊයේ යළි විවෘත කළා.
    පසුගිය දින කිහිපය තුළ හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර 700 ක් පමණ ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති අතර, ඒවායින් රැසක් සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් නිෂ්ක්‍රීය කිරීමට හැකි වූ බවයි, ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීන් පවසන්නේ.

    Latest News