ඇමෙරිකාවේ සුප්‍රකට රැප් ගායකයකු වේදිකාවෙන් ඇද වැටී මිය යයි

සැප් 01, 2024
    ඇමෙරිකාවේ සුප්‍රකට රැප් ගායකයකු එරට කනෙක්ටිකට් ප්‍රාන්තයේ පැවති සංදර්ශනයක් අතරතුර වේදිකාවෙන් ඇද වැටී මිය ගොස් තිබෙනවා.
    මෙලෙස ඇද වැටී ඇත්තේ ෆැට්මන් ස්කූප් හෙවත් අයිසෙක් ෆ්‍රිමන් වන ඇමෙරිකාවේ සුප්‍රකට රැප් ගායකයකු වන අතර ස්කූප් රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
    මිය යන විට ඔහු 53 හැවිරිදි වියේ පසු විය.
    ස්කූප් සංගීත ලෝකයේ ආදරණීය චරිතයක් වූ අතර ඔහුගේ හඬ සහ විශිෂ්ට පෞරුෂය නොමැකෙන සලකුණක් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
    ඔහුගේ පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ස්කුප්ගේ මරණ තහවුරු කර තිබෙනවා.
    Last modified on ඉරිදා, 01 සැප්තැම්බර් 2024 17:37

    Latest News