7කගේ ජීවිත අහිමි කළ බස් අනතුර

සැප් 01, 2024
    එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් මගීන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.
    අනතුර සිදුව ඇත්තේ, මිසිසිපි ප්‍රාන්තයේ වික්ස්බර්ග් නගරයට ආසන්නයේදී.
    තුවාල ලැබූ පිරිසෙන් ඇතැමෙකුගේ තත්වය බරපතල බව, සෞඛ්‍ය අංශ පවසනවා.
    බස් රථය ධාවනය කෙරෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. බස් රථයේ සිටි අයගෙන් වැඩිම පිරිසක් ලතින් ඇමෙරිකානුවන්.

    Latest News