ගාසා දරුවන් වෙනුවෙන් පෝලියෝ එන්නත ලබාදීමේ පළමු අදියර ඇරඹේ

සැප් 01, 2024
    ගාසා තීරයේ දරුවන් සදහා පෝලියෝ එන්නත ලබාදීමේ පුළුල් වැඩසටහනෙහි පළමු අදියර අද ආරම්භ කරන බව, ලෝක ‍සෞඛ්‍ය සංවිධානය පවසනවා.
    එහිදී ගාසා තීරයේ දරුවන් හයලක්ෂ හතලිස්දහසක පිරිසකට එන්නත ලබාදීම ඉලක්ක කර ඇති බවයි, එම සංවිධානය සදහන් කරන්නේ.
    වසර 25කට පසු ගාසා තීරයේ දරුවන් අතරින් පළමු වරට පෝලියෝ රෝගය වැළදුණු දරුවෙකු පිළිබඳ තහවුරු කරගැනීමෙන් අනතුරුව ගාසා තීරයේ පෝලියෝ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බව, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
    ඊට‍ එරෙහිව පියවර නොගතහොත් පෝලියෝ වෛරසය ගාසා තීරය තුළ පමණක් නොව කලාපීය වශයෙන් ද ව්‍යාප්ත විය හැකි බවටයි, ඔවුන් අනතුරු අඟවන්නේ.
    ඒ අනුව, පෝලියෝ ‍රෝග ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය තාවකාලික සටන් විරාමයකට එකඟතාව පළ කර තිබෙනවා.
    ගාසා තීරයේ පෝලියෝ එන්න ලබාදීමේ වැඩසටහනෙහි පළමු අදියර අද ආරම්භ කරමින් එහි හයලක්ෂ හතලිස්දහසක දරුවන් පිරිසකට එන්න ලබාදීමේ ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් එක්ව සිදුකරන බවයි, වාර්තා වන්නේ.

    Latest News