28ක් ඩැහැගත් දිය රකුසා

අගෝ 29, 2024
    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අධික වැසි සමග හටගත් ගංවතුර හේතුවෙන් මියගිය පිරිස 28 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    විසිහතරදහසක් පමණ අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.
    බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාවත් සමග ගංගා සහ ජලාශ කිහිපයක් පිටාර ගලමින් පවතිනවා.
    ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාව මුදා ගැනීමේ හා සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ සදහා ඉන්දීය හමුදාවේ සහයද ලැබී තිබෙනවා.
    ඉදිරි දින කිහිපයේද ගුජරාට් ප්‍රාන්තයට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි එරට කාලගුණ විද්‍යා පොර්තමේන්තුව පවසන්නේ.

    Latest News