සාමය ආරක්ෂා කරමු මෝදි යෝජනා කරයි

අගෝ 27, 2024

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා යුක්රේනයේ සංචාරයක නිරත වුනා.

    කියෙව් හිදී ජනපති සෙලෙන්ස්කි සහ මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුනා.

    යුක්රේනය සමඟ ආර්ථික සබඳතා වර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය, තාක්‍ෂණය, ඖෂධ සහ වෙනත් එවැනි අංශවල සහයෝගීතාව ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

    පවතින ගැටුම් පිළිබඳවත් නායකයින් සාකච්ඡා කර ඇති අතර සාමය ආරක්ෂා කිරීමත් ගැටුමට සාමකාමී විසඳුමක් සෙවීමත් මනුශ්‍යත්වයට උචිත බව මෙහිදී කතිකාවට බඳුන් වී ඇත.

    වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඖෂධ සහ උපකරණ අඩංගු ප්‍රදානයන් තොගයක්ද මෙහිදී අගමැති මෝදි විසින් යුක්රේන ජනතාව වෙත ලබා දෙනු ලැබුවා.

    Latest News