27කට මරු කැඳවූ මාරක අනතුර

අගෝ 24, 2024
    ඉන්දියානු මගීන් පිරිසක් රැගත් බස් රථයක් නේපාලයේ ටනාහුන් ප්‍රදේශයේදී ගඟකට පෙරලීමෙන් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.
    බස් රථයේ 43 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
    බස්රථය, පොකාරා සිට නේපාලයේ කත්මණ්ඩු අගනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථය ටනාහුන් දිස්ත්‍රික්කයේ මාර්සියන්ඩි ගඟට පෙරලී තිබෙනවා.
    මගීන් ‍ජලයෙන් පිටතට ගැනීමට සහන සේවකයින්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා හමුදා හෙලිකොප්ටරයකින් කත්මන්ඩු රෝහල වෙත රැගෙන ගියා.
    බසයේ සිටි සියලු දෙනා පෙර දින රාත්‍රියේ නේපාලයේ පොකාරා හි නවාතැන් ගෙන කත්මන්ඩු බලා යමින් සිටි ඉන්දියානුවන් බවයි බලධාරීන් පවසන්නේ.
    සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපතට පත් වූවන් සඳහා ඉන්දීය තානාපති කාර්යාලය හැකි සෑම සහයක්ම ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News