ලොව දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවෙන්

අගෝ 23, 2024
    ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවේ බොට්ස්වානාවේ දී සොයාගෙන තිබෙනවා.
    එය කැරට් දෙදාස් හාරසිය අනූදෙකක බරකින් යුත් දියමන්ති ගලක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    අප්‍රිකාවේ බොට්ස්වානා හි අගනුවර වන ගැබරොන් නගරයට උතුරින් කිලෝමීටර් 500 ක පමණ දුරින් පිහිටි කැරොව් පතලේදි මෙම විශාලතම දියමන්තිය සොයාගෙන තිබෙනවා.
    දියමන්තියෙහි විශාලත්වය අනාවරණය කර ගැනීමට මෙගා ඩයමන්ඩ් රිකවරි විකිරණ තාක්ෂණය භාවිත කර තිබෙනවා.‍
    මෙම දියමන්තිය විශාලත්වයෙන් දෙවෙනි වන්නේ 1905 දි දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කැරට් 3106 දියමන්තියට බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News