ගාසා හි ළමා අරමුදල තවත් ශක්තිමත්

අගෝ 08, 2024

    ‍ගාසා හි ළමා අරමුදලට ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්‍ෂ අනූදහසක මුදලක්, නිල වශයෙන් පලස්තීන රජයට බාරදීම ඊයේ සිදුකෙරුණා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති කාර්යාලයේදී.

    ඊට අදාළ නිල ලිපි ලේඛන, මෙරට පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීන් වෙත, ජනාධිපතිවරයා විසින් බාරදෙනු ලැබුවා.

    ගාසා හි යුදමය තත්වයෙන් මිලියනයකට ආසන්න ළමුන්ගේ වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමට ශ්‍රී ලංකා රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක් ද මීට පෙර ප්‍රදානය කර තිබුණා. වැඩබලන විදේශ අමාත්‍ය තාරක බාලසූරිය, එම අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ද මීට එක්ව සිටියා.

    Latest News