කුළුදුල් “එෆ් සික්ස්ටීන්” යුක්‍රේනයට

අගෝ 06, 2024

    අමෙරිකාව ප්‍රථමවරට එරට නිෂ්පාදිත “එෆ් සික්ස්ටීන්” ප්‍රහාරක ජෙට් යානා, යුක්‍රේනයට ලබා දී තිබෙනවා.

    එරට ගුවන් හමුදා කඳවුරක පැවති උත්සවයකට සහභාගී වෙමින්, යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව තහවුරු කළා.

    මෙම ජෙට් යානා යුක්‍රේන ගුවන් හමුදාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි, යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි පවසන්නේ.

    ඉදිරියේදී තවත් එවැනි යානා කිහිපයක් ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බවද, ඔහු කියා සිටියා.

    එහෙත්, එම යානා පැදවිය හැකි පුහුණු ගුවන් නියමුවන් යුක්‍රේනයේ නොමැති බවයි, සෙලෙන්ස්කි පවසන්නේ.

    Latest News