එට්නා අවදි වෙයි

අගෝ 06, 2024

    යුරෝපයේ උසම ගිනිකන්ද වන එට්නා ගිනි කන්ද යළි සක්‍රීය වී තිබෙනවා. ඒ, මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ආසන්න ප්‍රදේශයේ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මීට පෙර අවස්ථා කිහිපයකදීම එට්නා ගිනි කන්දේ විවිධ ප්‍රදේශ සක්‍රීය වුණා.

    එහෙත්, සිසිලි දූපතට ආසන්න මෙම ප්‍රදේශයේ ගිනිකන්ද සක්‍රීය වී තිබෙන්නේ, වසර 4 කට පසුවයි.

    ගිනිකන්දෙන් නිකුත් වන අළු හා දුමාරය හේතුවෙන් කැටානියා ගුවන්තොටුපොළේ ක්‍රියාකාරීත්වයට ද බාධා ඇති වී තිබෙනවා.

    ගුවන් යානා කිහිපයක් පැලමෝ හා කොමිසෝ ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවුණු බව ද වාර්තා වනවා. ප්‍රදේශයේ ජනතාවට අනතුරක් නොමැති බවයි, බලධාරීන් පවසන්නේ.

    Latest News