බංග්ලාදේශයේ අලුත්ම තත්ත්වය

අගෝ 06, 2024

    බංගලාදේශයට පනවා ඇති ඇඳිරිනීතිය අද ඉවත් කරන බව එරට හමුදා ප්‍රධානි වකාර් උස් සමාන් පවසනවා.

    විරෝධතා හමුවේ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී , පලා යාම හේතුවෙන් අන්තර්වාර රජයක් පිහිටුවන බවයි බංග්ලාදේශයේ හමුදා ප්‍රධානියා ඊයේ කියා සිටියේ.  හිටපු අගමැතිනිය මේ වන විට ඉන්දියාවේ සිටින බව වාර්තා වනවා.

    ඊයේ පැවති විරෝධතා වලින් 56 දෙනෙකු මියගියා‍. මේ වන විට විරෝධතා අතරතුර 300 දෙනෙකු මියගොස් තිබෙනවා.

    රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය නොතකා දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් වීදි බැස අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකර සිටියා.

    බංගලාදේශයේ ඊයේ අන්තර්ජාල සේවා සීමා කර, කාර්යාල වසා දමා තිබුණා.

    අගමැතිනිය පලා ගිය පසු විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී අලාභහානි සිදු කර එය කොල්ලකනු ලැබුවා.‍‍

    අනතුරුව ඔවුන්, පාර්ලිමේන්තුවටද කඩාපැන අලාභහානි සිදු කළා.

    මෙතෙක් සිරගතකර සිටි හිටපු අගමැතිනියක සහ විපක්ෂ නායිකා බෙගම් කලීඩා ෂියා සහ විරෝධතා හේතුවෙන් අත්අඩංගුවට ගත් අනෙක් පිරිස් නිදහස් කිරීමට ජනපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබෙනවා.

    Latest News