බංග්ලාදේශ අගමැතිනිය අගමැති පුටුව හැර යයි

අගෝ 05, 2024

    බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා එරට පවතින විරෝධතා හමුවේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

    විරෝධතා කරුවන් ඇයගේ නිවසට කඩා වැදී එය අත්පත් කොට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    අගමැතිනි හසීනා ඉල්ලා අස්වීමෙන් පසු පවතින විරෝධතා හමුවේ එරට හමුදා ප්‍රධානියා ජාතිය ඇමතීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    විරෝධතා මැඩපැවැත්වීමට ඔහු එරට පක්ෂ, විපක්ෂ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර තිබෙනවා.

    විරෝධතා හමුවේ එරට පනවා ඇති ඇදිරිනීතිය කඩ කරමින්, විරෝධතාකරුවන් දහස් ගණනක් ඩකා අගනුවරට පැමිණෙමින් සිටිනවා.

    Latest News