ඔලිම්පික් පිටියේ වේගවත්ම මිනිසා

අගෝ 05, 2024
    පැරිස් ඔලිම්පික් ක්රීඩා උලෙළේ වේගවත්ම ක්රීඩකයා වීමට අමෙරිකාවේ නෝවා ලයල්ස් සමත් වුණා. මෙවර අවසන් තරගයේදී ක්රීඩකයින් සියලුදෙනා තප්පර 10 ට අඩුවෙන් තරගය අවසන් කිරීම ද විශේෂත්වයක්.

    පැරිස් ඔලිම්පික් ක්රීඩා උලෙළේ වේගවත්ම ක්රීඩකයා තේරීමේ මීටර 100 පිරිමි අවසන් ධාවන ඉසව්ව අද අලුයම පැවැත්වුණා.

    ඒ, ලොව වේගවත්ම ක්රීඩකයින් 8 දෙනාගේ සහභාගීත්වයෙන්. තියුණු තරගයකින් අනතුරුව, අමෙරිකාවේ නෝවා ලයල්ස් රන් පදක්කම හිමි කර ගත්තේ, තප්පර 9 යි දශම 7 යි 9 ක කාලයක් වාර්තා කරමින්.
     
    ලයල්ස්, තම ක්රීඩා දිවියේ වාර්තා කළ වේගවත්ම කාලය ද එයයි. එහි රිදී පදක්කම හිමි වුණේ, ජැමෙයිකාවේ ක්රිෂාන් තොම්සන්ට. ඔහු ද තප්පර 9 යි දශම 7 යි 9 ක කාලයකින් තරගය අවසන් කළා.
    ඒ අනුව රන් සහ රිදී පදක්කම් දිනූ ක්රීඩකයින් අතර කාලයේ වෙනස තප්පර 0 යි දශම බින්දුවයි බින්දුවයි පහක්.
     
    එහි ලෝකඩ පදක්කම අමෙරිකාවේ ෆෙරෙඩ් කේලි දිනා ගත්තා. ඔහු තප්පර 9 යි දශම 8 යි 1 කින් තරගය අවසන් කළා.

    Latest News