නිරවි යුද්ධෙන් පසු හුවමාරුවන මිනිස් ජීවිත

අගෝ 02, 2024
    නිරවි යුද සමයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම ඊයේ සිදු කෙරුණා. විදෙස් මාධ්ය වාර්තා කරන්නේ, එහිදී සිරකරුවන් 24 දෙනෙකුට නිදහස හිමිවූ බවයි.

    සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර යුරෝපයට සහ එක්සත් ජනපදයට යැවූ බව ධවල මන්දිරය ප්රකාශ කළා. ඔවුන් අතර වෝල් ස්ට්රීට් ජර්නල් වාර්තාකරු ඉවාන් ගර්ෂ්කොවිච් ද වනවා.

    ඊට ප්රතිචාර වශයෙන්, බුද්ධි ක්රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් ද ඇතුළුව රුසියානු සිරකරුවන් අට දෙනෙකු එක්සත් ජනපදය, නෝර්වේ, ජර්මනිය, පෝලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල බන්ධනාගාරවලින් නිදහස් කර තිබෙනවා.
     
    සිරකරුවන් දෙදෙනෙකුගේ දරුවන් ද නැවත රුසියාවට යවනු ලැබුවා.
     
    මෙම සිරකරු හුවමාරුව තුර්කියේ අන්කාරා ගුවන් පථයේදී සිදුවූ බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. සිරකරු හුවමාරුව සැලසුම් කර මාස 18ක් පමණ ගතවී තිබෙනවා.
     
    නිදහස ලබා, සිය රට පැමිණි රුසියානුවන් මොස්කව් ගුවන් තොටුපළේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබුවා.
    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2024 11:19

    Latest News