කේරළය රත් කළ කාලගුණය, මියගිය පිරිස ඉහළට

ජූලි 31, 2024
    දකුණු ඉන්දියාවේ කේරළ ප්රාන්තයට බලපෑ අධික වර්ෂාව සහ නායයාම හේතුවෙන් මියගිය පිරිස 123 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ආපදාවට ලක්වූ ප්රදේශවල බොහෝ පිරිසක් තවමත් සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

    නායයාම් හේතුවෙන් සියයට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.‍
     
    ඊයේ අලුයම් කාලයේ වයනාඩ් දිස්ත්රික්කයේ කඳුකර ප්රදේශයක නායයාම සිදු වුණා.
     
    නායයාම්වලින් ගම්මාන 4 කට දැඩි හානි සිදුව තිබෙනවා. මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි.
     
    අධික වැසි හේතුවෙන් එම කටයුතුවලට බාධා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
     
    සහන කණ්ඩායම්වලට නායයාම් සිදුවූ ප්රදේශවලට ලඟා වීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
     
    විපතට පත්වූවන් මුදා ගැනීමට ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා සහිත අඛණ්ඩ මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වනවා.
     
    ප්රදේශයේ පාලම් කඩා වැටීමෙන් සහන සේවකයින්ට එම ප්රදේශවලට ලඟාවීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ. ආපදාවට පත් පුද්ගලයින්ට සහන සේවා ක්රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
    Last modified on බදාදා, 31 ජූලි 2024 09:04

    Latest News