මතභේදාත්මක ප්‍රතිඵලයට එරෙහිව වෙනිසියුලාවම පාරට

ජූලි 30, 2024
    වෙනිසියුලාවේ මතභේදාත්මක ජනාධිපතිවරණ ප්රතිඵලයට විරෝධතාවේ නිරත වූ ජනතාවට එරෙහිව එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්රහාර එල්ල කර තිබෙනවා.

    කරකාස් අගනුවර මධ්යම ප්රදේශයේ දහස් ගණන් ජනයා ඊයේ පස්වරුවේ වීථි බැස, සිටි බවයි, විදෙස් මාධ්ය පවසන්නේ.

    මෙම විරෝධතා ආරම්භ වූයේ ජනාධිපතිවරණ ප්රතිඵල නිකුත් වීමට පෙර, ජනාධිපති නිකොලස් මදුරෝ තම ජයග්රහණය කළ බව ප්රකාශ කිරීමෙන් පසුවයි.
     
    එරට විපක්ෂය, මදුරෝගේ ජයග්රහණය වංචනික ක්රියාවක් බවට චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ, ප්රතිවාදි අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් සියයට 73 දශම 2 ක ඡන්ද ප්රමාණයකින් ජයග්රහණය කර ඇති බවයි.
     
    මැතිවරණයට පෙර පැවති ජන මත විමසුම් මගින් එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් පැහැදිලි ජයග්රහණයක් ලබා ගනු ඇති බවට අනාවැකි පළ වී තිබුණා.
     
    වෙනිසියුලාවේ ජනාධිපති මදුරෝ, නැවත තේරී පත්වීම වංචනික ක්රියාවක් බව හෙලා දැකීමට වීථි බැස සිටි විරෝධතාකරුවන් විශාල පිරිසක් සමඟ වෙනිසියුලාවේ ආරක්ෂක අංශ ගැටුම් ඇතිකරගෙන තිබෙනවා.

    Latest News