තානාපති අමීර් අජ්වාඩ් මහතා රියාද්හි ෂකර් අල් අව්සාත් කාර්යාලට පැමිණීම

ජූලි 30, 2024

    සෞදි අරාබි රාජ්‍ය යේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතා රියාද්හි “ෂර්ක් අල් අව්සාත්” අරාබි භාෂා පුවත්පත් කාර්යාලයට ගොස් එහි කළමනාකාර කර්තෘ නසාර් අල් හක්බානි මහතා හමුවිය.

    මෙම හමුවේදී, සෞදි අරාබියේ 2030 දැක්ම තුළ ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි ඔවුන් ගවේෂණය කරන ලදී.

    ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යය මේ වසරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරයද සමරයි. මෙම හමුවේදී දෙරට අතර මාධ්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගන්නා ලදී. තවද තානාපති අමීර් අජ්වාඩ් මහතා හට රියාද්හි “ෂර්ක් අල් අව්සාත්” කාර්යාල පරිශ්‍රය වටා සුහද චාරිකාවකට ද පහසුකම් සලසන ලදී.

    1

     

    2

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2024 16:10

    Latest News