K2 තරණය කරන්න ගිය විශිෂ්ටයෙකුට අත් වූ ඉරණම

ජූලි 29, 2024
    ජපානයේ විශිෂ්ට කඳු නගින්නන් දෙදෙනෙකු පකිස්තානයේ කේ ටූ කන්ද තරණය කිරීමේදී ඉන් ඇදවැටී තිබෙනවා.
    ඔවුන්, මීටර 7,500 ක උසක සිට මෙම අනතුරට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ.
    පකිස්තාන හදිසි ආපදා ඒකකය, හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට යවා තිබෙනවා.
    අනතුරට ලක්වූවන් දෙදෙනා කිසිදු චලනයක් පෙන්නුම් නොකළ බැවින්, බලධාරීන්ගේ නියෝග මත ඔවුන් ආපසු පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.
    අනතුර සිදු වූ ස්ථානයට ළඟා වීම අවදානම් සහගත බවයි, ඔවුන් ප්‍රකාශ කරන්නේ. කේ ටූ කන්ද, මීටර 8,611 ක් උසකින් යුක්ත වන අතර, එය දෙවැනි වන්නේ, එවරස්ට් කන්දට පමණයි.
    පකිස්තානයේ ඉතාමත් ආකර්ෂණීය කන්දක් වන මෙය, තරණය කිරීම, එවරස්ට් කන්ද තරණයටත් වඩා අති දුෂ්කර බවයි, වාර්තා වන්නේ.

    Latest News