බිහිසුණු අනතුරකින් ළමුන් 12ක් මියයයි

ජූලි 12, 2024
    දකුණු අප්රිකාවේ, ගෞව්ටෙන් ප්රදේශයේදී කුඩා බස් රථයක් අනතුරකට ලක් වීමෙන් පාසල් ළමයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මේ අතර, තවත් නගරයක සිදු වූ අනතුරකින් පාසල් ළමුන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව, එරට මාධ්ය වාර්තාවල සඳහන්.

    එක් අනතුරක් සිදුව ඇත්තේ, දකුණු අප්රිකාවේ ගෞව්ටෙන් ප්රදේශයේදී. දරුවන් ප්රවාහනය කරමින් තිබූ කුඩා බස් රථයක් ට්රක් රථයක ගැටී ඇති අතර, එහිදී බස් රථය මාර්ගයෙන් පිටතට පෙරළී ගිනි ගෙන තිබෙනවා.
     
    ශීත සෘතු නිවාඩු කාලයෙන් අනතුරුව පාසල් විවෘත කර, දිනකට පසුව මෙම අනතුර සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.
     
    මේ සිදු වීමෙන් සිසුන් 12 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. මේ අතර, ජොහැන්ස්බර්ග් හි මෙරෆොන්ග් නගරයේ සිදු වූ අනතුරකින් තවත් පාසල් ළමුන් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව, සඳහන්.
     
    දකුණු අප්රිකාවේ පාසල් ළමුන් ප්රවාහනයට යොදා ගත් බස් රථ නිසි ලෙස නඩත්තු නොකිරීමත් ඇතැම් බස් රථ භාවිතයට සුදුසු මට්ටමේ නොපැවතීමත් මෙලෙස, අනතුරු ඉහළ යාමට හේතු වී ඇති බව, විදෙස් මාධ්ය සඳහන් කරනවා.

    Latest News