ඉන්දියාවම කම්පා කළ බිහිසුණු අනතුර

ජූලි 10, 2024
    ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකු ද වන බව එරට පොලීසිය සඳහන් කළා.
    බස් රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදී ලක්නව්-අග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

    Latest News