2024 වසරේ ජුනි මාස මුලදී ඉන්දුනීසියානු වෙරළ තීරයකට මෙම යෝධ බූවල්ලා ගසාගෙන විත් ඇතැයි කියන ඡායරූපයක් සමාජ මාධ්‍යය ඔස්සේ වෛරල් වී තිබුණා. එය බාලි හි ගත් ඡායාරූපයක් බවට බොහෝ X ගිණුම් හි සටහන්ව තිබුණා.
දිගු අඩු පහක් සහ බූවල්ලාගේ සිරුර එම ඡායාරූපයේ පෙන්නුම් කළ අතර, කිහිපදෙනෙකු ඒ අසල සිටගෙන සිටින අතර තවත් නරඹන්නන් දුරින් සිටින අයුරු එම ඡායාරූපයේ දක්නට ලැබෙනවා.
කෙසේ නමුත් මෙම ඡායාරූපය ව්‍යාජ එකක් බව යාහූ ප්රවෘත්ති සේවය වාර්තා කරන අතර කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද්දක් බවද සදහන් වනවා.
Google හි ප්‍රතිලෝම පින්තූර සෙවුම් මෙවලම භාවිතයෙන්, මෙම රූපය සඳහා සත්‍ය මූලාශ්‍රයක් හමු නොවුණු බව ද කියැවෙයි.
එසේම මේ සිද්ධිය පිළිබඳව වාර්තා කරන කිසිදු ප්රවෘත්ති ආයතනයක් හෝ මෙම පින්තූරය ගත් බව කියන කිසිදු ඡායාරූප ශිල්පියෙකු හමු නොවූ බව ද යාහූ ප්රවෘත්ති සේවය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.