මලාවි උප ජනපති මරුට

ජූනි 11, 2024

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සව්ලොස් චිලීමා, ගුවන් අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව, එරට රජය නිවේදනය කරනවා.

    ඔහුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් 8 දෙනෙක් ද මෙම අනතුරින් මියගොස් ඇති බවයි රජය ප්‍රකාශ කරන්නේ.

    මලාවි උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය, “චිකන්ගාවා” කඳුකර ප්‍රදේශයට කඩාවැටී ඇති බව, එරට රජය ප්‍රකාශ කරනවා.

    මලාවි ආරක්ෂක බළකායට අයත් ගුවන් යානය  ඊයේ උදේ ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු අතුරුදන්ව තිබුණා. ගුවන් යානය, එරට උතුරු ප්‍රදේශයේ පිහිටි “ම්සුසු” ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

    Latest News