ගිනි රස්නෙට මත්ස්‍යයින් දහස් ගණනක් බිලි වෙයි

ජූනි 09, 2024
    මෙක්සිකෝවේ චිහුවාහුවා ප්රිදේශයේ බුස්ටිලෝස් කලපුවේ මත්ස්යුයන් දහස් ගණනක් මිය ගොස් ඇති බව, විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. අධික උෂ්ණත්වය මෙයට හේතුව බවයි, වාර්තා වන්නේ.
    චිහුවාහුවා ‍ප්‍රදේශයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 40 දක්වා ඉහළගොස් ඇති බවයි, වාර්තා වන්නේ. මේ හේතුවෙන් කලපුවේ ජල මට්ටම අනතුරුදායක ලෙස පහත වැටී තිබෙනවා.
    2011 වසරේ සිට මෙක්සිකෝවේ ‍ප්‍රදේශවලින් සියයට 90 කට නියඟයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, කෘෂිකර්මාන්තයට දැඩි හානි සිදුවී ඇති බවයි, බලධාරින් පෙන්වා දෙන්නේ.
    මේ අතර, මත්ස්යනයන් මළ කුණු හේතුවෙන් ඒ අවට ප්‍රදේශවලට සෞඛ්‍යයේ ගැටලු ඇති විය හැකි බවට එරට සෞඛ්‍යය අංශ අනතුරු අඟවනවා.
     

    Latest News