150කට ජීවිත අහිමි විය සුඩාන ප්‍රහාරය

ජූනි 07, 2024

    මධ්‍යම සුඩානයේ ගම්මානයකට ප්‍රතිවාදී ආර් එස් එෆ් හමුදා බලකාය එල්ල කළ ප්‍රහාරයකින් 150 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    තවත් 200 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. සුඩානයේ වසරක පමණ කාලයක සිට යුද ගැටුම් පවතිනවා. විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ, මෙය, එම කාලසීමාව තුළ එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් බවයි. මධ්‍යම සුඩානයේ වඩ් අල් නූර් ප්‍රදේශයට ඇතුළු වූ ප්‍රතිවාදී ආර් එස් එෆ් බලකායේ සන්නද්ධ රථ 40 කට අධික සංඛ්යාවවක් එම ගම්මානය වටලා ගම්වැසියන් සමූල ඝාතනය කළ බව, ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.

    මිය ගිය පිරිසෙන් 35 දෙනෙකු ළමුන් බවයි, වාර්තා වන්නේ. මෙම ප්‍රහාරය පිළිබඳව ආර් එස් එෆ් හමුදා බලකාය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. සුඩානයේ වත්මන් යුද ගැටුම් හේතුවෙන් මිලියන 7 කට වැඩි සිවිල් වැසියන් පිරිසක් අවතැන්ව සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News