ගිනි කඳු බියෙන් ඇලළුනු පිලිපීනය

ජූනි 06, 2024

    පිලිපීනයේ කන්ලෝන් ගිනි කන්ද පුපුරා යාමෙන් අවදානමට ලක් වූ ජනතාව අදාළ ස්ථානවලින් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    බලධාරීන් පවසන්නේ, පාසල් 684 ක් ද තාවකාලිකව වසා තැබීමට සිදුව ඇති බවයි. ගිනි කන්ද පුපුරා යාමත් සමග ඝන අළු දුමාරය ප්‍රදේශය පුරා පැතිර යමින් පවතිනවා. ගුවන් ගමන් රැසක් තාවකාලිකව අවලංගු කර ඇති බව, සඳහන්. පාසල් සහ අධ්‍යාපන ආයතන වසා තැබීමට සිදුවීමෙන් තුන් ලක්ෂ 85,000 ක් පමණ වූ සිසුන් පිරිසකට බාධා එල්ල වී තිබෙනවා. ගිනිකන්ද පුපුරා යාම දෙවැනි මට්ටමේ අවදානම් තත්වයක පවතින අතර, බලධාරීන් ප්‍රකාශ කරන්නේ, තවදුරටත් පිපිරීම් සිදු විය හැකි බවයි.

    ඉකුත් දිනවල ගිනි කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ භූ කම්පන 43 ක් වාර්තා වුණා. මේ අතර, ගිනිකන්ද පුපුරා යෑමෙන් පිට වූ ලාවා, ප්‍රදේශයේ හට ගත් අධික වර්ෂාවත් සමග ජලයට මුසු වී ලාවා සහිත ගංවතුර තත්වයක් නිර්මාණය වී තිබෙනවා. එමගින්, කන්ලෝන් ගිනිකන්ද ආශ්‍රිත ගම්මානය, යට වී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News