රොකට් එකක් කළ හදියක්

ජූනි 05, 2024
    හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් උතුරු ඊශ්රායයලයේ රක්ෂිත වනාන්තර ප්‍රදේශයක ගින්නක් හටගෙන තිබෙනවා.
    ඉන් නිකුත් වූ දුම ආග්රතහණය වීමෙන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
    ලෙබනන දේශසීමාවේ හටගත් ගින්න ශීඝ්රහයෙන් ව්යාප්ත වී තිබෙනවා. ඝණ අළු සහිත දුමාරය කඳුකර ප්රහදේශ හරහා තවදුරටත් පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.
    ගින්න පාලනයට ගිනි නිවන භටයින් යොදවා ඇති අතර, අක්කර 3500 ක් මුළුමණින්ම විනාශ වී තිබෙනවා.
    උතුරු දේශසීමාවේ හිස්බුල්ලා සංවිධානය සමග පවතින ගැටුම් අවසන් කිරීමට පියවර ගතයුතු බවයි ඊශ්රායල ආරක්ෂක අංශ පවසන්නේ.
    එහි ආරක්ෂක තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඊශ්රායලයේ යුද කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වීමට නියමිතව තිබූ බව ද විදෙස් මාධ්යට වාර්තා කරනවා.

    Latest News