4කට දිවි අහිමි කළ ජල විදුලි බලාගාර පිපිරුම

අප්‍රේ 10, 2024
    ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදුවූ පිපිරීමකින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.
    තවත් කිහිප දෙනෙකු අතුරුදන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    බොලොග්නා නගරයේ සිට කිලෝමීටර් 70ක් දුරින් පිහිටි සුවියානා නදිය ආශ්‍රිත විදුලි බලාගාරයේ දිය යට පිපිරීම සිදුව තිබෙනවා. පිරීමට ලක් වූ ස්ථානය පිහිටා ඇත්තේ, සුවියානා නදියේ මතුපිට සිට මීටර 30 ක් පහළින්. බලාගාරයේ නඩත්තු කටයුත්තක් අතරතුර පිරිපිමක් සහිත ගින්නක් හට ගත් බවට බලධාරීන් සැක පළකරවා.‍
    මියගිය සිව් දෙනා බලාගාරයේ සේවකයින්. පිපිරීමෙන් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු සේවකයින් හෙලිකොප්ටරයකින් අවට පිහිටි රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා. ඔවුන්ගේ තත්වය බරපතල බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
    සිරවී සිටින තිදෙනෙකු බේරාගැනීම සඳහා එහි ළඟා වීමට නොහැකි බව ගලවා ගැනීමේ කිමිදුම්කරුවන් ප්‍රකාශ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවටි නිතී බලධාරීන් පවසන්නේ.

    Latest News