යාත්‍රාවක් ගිලී 90 ක් මරුට

අප්‍රේ 08, 2024
    මොසැම්බික් රාජ්‍යයේ උතුරු මුහුදු තීරයේ දී යාත්‍රාවක් ගිලී යාමෙන් 90 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
    එරට වෙරළාරක්ෂක බලධාරීන් පවසන්නේ, 5 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවයි.
    මියගිය අය අතර, කුඩා දරැවන් රැසක් සිටි බව වාර්තා වනවා. අනතුර වන අවස්ථාවේ 130 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
    යාත්‍රාව නාම්පුලා වෙරළට ඔබ්බෙන් ලුංගා හි සිට මොසැම්බික් දූපත් දක්වා ගමන් කරමින් තිබූණා. නාම්පුලා ඉතා ශීඝ්‍රයෙන් කොරළාව පැතිර යමින් පවතින ප්‍රදේශයක්. එම ප්‍රදේශයෙන් පලා යාමට තැත් කළ පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි නාම්පුලා රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ.
    මගීන් රැගෙන යාමට නුසුදුසු තත්වයක පැවතීමත්, අධික තදබදයත් යාත්‍රාවට ගිලී යාමට හේතුවී ඇති බව ද බලධාරීන් පෙන්වා දෙනවා.

    Latest News