ඊශ්‍රායලය උණුසුම් දහස් ගණන් වීථි බසී

අප්‍රේ 07, 2024

    ඊශ්‍රායලයේ “ටෙල් අවිව්” නගරය ඇතුළු ප්‍රදේශ රැසක, වැසියන් දහස් ගණනක් විරෝධතාවල නිරතව සිටිනවා.

    ඒ, ගාසා තීරයේ හමාස් සංවිධානය තවමත් රඳවාගෙන සිටින සිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට ක්‍රියාකරන්නැයි, ඊශ්‍රායල රජයට බල කරමින්.

    ගාසා තීරයේ හමාස් සංවිධානය බාරයේ පසු වූ එලාඩ් කැට්සීර් නමැති ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවාගේ මළ සිරුර, එරට ආරක්‍ෂක හමුදාව විසින් ඊයේ සොයාගැනීමත් සමග ඊශ්‍රායල වැසියන් සහ එරට රජයට එරෙහි පාර්ශව විරෝධතා ආරම්භ කළා.

    ටෙල් අවිව් නගරයේ සහ රට පුරා තවත් ස්ථාන 50 කදී විරෝධතා පැවැත්වෙන බවයි, ඊශ්‍රායල මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    හමාස් සංවිධානය තවමත් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රණ ඇපකරුවන් නිදහස් කරගැනීමට ක්‍රියා නොකරන බවට චෝදනා කරමින්, අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව සිය විරෝධය දැක්වීම සඳහා ලක්‍ෂයක පමණ ඊශ්‍රායල වැසියන් පිරිසක් එක්ව සිටින බව සඳහන්.

    විරෝධතාකරුවන් පවසන්නේ, හමාස් සංවිධානය යටතේ පසුවන සිය ප්‍රාණ ඇපකරුවන් 130 දෙනෙකු මුදාගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද විරෝධතාවන්ට එක්ව සිටින බව වාර්තා වනවා.           

    Latest News