ජනපතිගේ ගුවන් යානයේ කොට්ට උර හොරකමක්

අප්‍රේ 01, 2024
    අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන එයාර් ෆෝස් වන් ගුවන් යානයෙන් භාණ්ඩ සොරකම් කිරීමෙන් වළකින ලෙස ධවල මන්දිර මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    පසුගිය පෙබරවාරි මස ජනාධිපතිවරයාගේ සංචාරයකට පසු යානයේ භාණ්ඩ පරීක්ෂාවකදී එහි මාධ්‍ය අංශයෙන් අයිතම කිහිපයක් අතුරුදහන් වී ඇති බව සොයා ගැනීමෙන් පසුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

    ජනාධිපතිවරයාගේ ලාංඡනය සහිත කොට්ට උර, වීදුරු සහ රන් ආලේපිත පිඟන්, ජෙට් යානයෙන් අතුරුදන් වූ බව කියන භාණ්ඩ අතර වේ. ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය අනතුරු ඇඟවූයේ යානයෙන් භාණ්ඩ රැගෙන යාම තහනම් බවයි.
    එවැනි හැසිරීම් ජනාධිපතිවරයාගේ මාධ්‍ය සංචිතයේ - ජනාධිපතිවරයා සමඟ ගමන් කරන මාධ්‍යවේදීන් කණ්ඩායමට නොගැලපෙන බවත් එය වහාම නතර කළ යුතු බවත් එම සංගමය කියා සිටිනවා.
    ඇතැම් අවස්ථාවලදී මාධ්‍යාවේදීන්ට ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් චොකලට් ලබාදීම සිදු වනවා. එයාර් ෆෝස් වන් යානය හැඳින්වෙන්නේ ජනාධිපතිවරයාගේ ගුවනේ පිහිටි කාර්යාලය යනුවෙන්.
    එහි ආකර්ෂණීය පහසුකම් අතර ජනාධිපතිවරයා සඳහා පුළුල් පහසුකම් සහිත කොටසක්, ශල්‍ය මේසයක් සහිත වෛද්‍ය මධ්‍යස්ථානයක්, සම්මන්ත්‍රණයක් සහ කෑම කාමරයක්, එකවර පුද්ගලයන් 100 දෙනෙකුට ආහාර සැපයිය හැකි ආහාර පිළියෙල කිරීමේ ගැල් දෙකක් සහ මුද්‍රණාලය, ප්‍රභූවරුන්, ආරක්ෂක සහ ලේකම් කාර්යාල සඳහා නම් කරන ලද ස්ථාන ඇතුළත් වේ.
    ගුවන් යානය ගුවන් ප්‍රහාරයකට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති අතර හමුදා ගුවන් යානයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. එයට අසීමිත කාලයක් පියාසර කිරීමට ඉඩ සලසමින් යානය උඩු ගුවනේදී ඉන්ධන සැපයීමේ හැකියාවද තිබෙනවා.
    තවද එය ලොව වැඩිම ආරක්ෂාවක් සහිත ගුවන් යානය ලෙසත් හැඳින්වෙනවා.
    Last modified on සදුදා, 01 අප්‍රේල් 2024 09:07

    Latest News