හමාස් නියෝජ්‍ය අණදෙන නිලධාරී මියයයි

මාර් 27, 2024
    ඊශ්රායල හමුදා ප්රහාරයකින් හමාස් නියෝජ්ය අණදෙන නිලධාරී මර්වන් ඉසා මිය ගොස් තිබෙනවා.
    ඒ, ඊශ්රායල හමුදාව මේ මස මුලදී එල්ල කළ ප්රහාරයකින්.
    ඊශ්රායල මාධ්ය ප්රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි ප්රකාශ කළේ, මීට සති දෙකකට පෙර එල්ල කළ ගුවන් ප්රහාරයකින් හමාස් නියෝජ්ය අණදෙන නිලධාරී ජිවිතක්ෂයට පත්වූ බවයි.
     
    ඉකුත් සතියේදී මර්වන් ඉසා මියගිය බවට අමෙරිකානු බලධාරීන් පැවසුවද, මිට පෙර ඊශ්රායල මෙම මෙහෙයුම පිළිබඳව කරුණු දක්වා තිබුනේ නැහැ.
     
    මාර්තු 9 ත් 10 ත් අතර දිනවල මධ්යම ගාසා තීරයේ භූගත සංකීර්ණයකට ඊශ්රායල එල්ල කරන ලද ගුවන් ප්රහාරයෙන් ඔහු මියගොස් ඇති බවයි ඊශ්රායල හමුදාව පවසන්නේ.
     
    මර්වන් ඉසා හමාස් හමුදා අංශයේ කසාම් බළකායේ දිගුකාලීන නියෝජ්ය අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර රාමසාන් සමයේදී ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවක් සම්මත වී තිබියදීත් ඊශ්රායල විසින් ප්රහාර දිගටම එල්ල කරන බව විදෙස් මාධ්ය වාර්තා කර සිටිනවා.
     
    රාෆා නගරයේ නිවාස දෙකකට ඊශ්රායලය විසින් අලුයම එල්ල කළ බෝම්බ ප්රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් පරිසක් තුවාල ලබා තිබෙනවා.
     
    උතුරු ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල ආශ්රිතව ඊශ්රායල කාලතුවක්කු ප්රහාර එල්ල කිරීම ඇති අතර හාමස් සටන් කරුවන් සමග දරුණු ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News